ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 29,378ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (08) දිනයේ දී නව ආසාදිතයින් 798 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 526 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (08) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් අතරින් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වී ඇත. ඒ අනුව, ඔක්තෝම්බර් 04 වැනි දින සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 12,604ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (08) ආසාදිතයන් 97 ක් වාර්තා වී ඇති අතර ඉන් 55 දෙනෙකු මහර බන්ධනාගාරයේ රැඳවියන් වේ. මේ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති මුලු කොවිඞ් ආසාධිතයන් ගණන 7000 ඉක්මවා ගොස් තිබෙන අතර එය මේ වනවිට 7019 ක් ලෙස සටහන් වේ.
කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ (08) දිනයේ දී ආසාදිතයින් 53ක් ද,අම්පාරෙන් 44 ක්ද, මහනුවරින් 40 ක්ද, රත්නපුරයෙන් 15 ක්ද, කුරුණෑගලින් 11 ක්ද ලෙස ආසාදිතයන් වාර්තා වී ඇත. එමෙන්ම, නුවරඑළියෙන් 06ක් ද, ගාල්ලෙන් 03 ක් ද, කෑගල්ල හා මාතලේ දිස්ත්‍රික්වලින් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇත. මීට අමතරව විදේශයක සිට පැමිණි එක් අයෙකුද ආසාදිතයන් අතර වේ.
මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 62 ක් තුළ පුද්ගලයන් 6594 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 7978ක් වේ. වාර්තා වූ සමස්ත ආසාදිතයින්ගෙන් 21,258 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. ඊයේ (08) දිනයේ දී කොවිඩ් මරණ කිසිවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු නොකරන ලද අතර දැනට මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 142ක් වේ.
