Advertise with Giraya
NEWS

කොරෝනා මර්දන හෙළ ඔසුව බෙදා දීම අත්හිටුවයි

කොරෝනා වෛරසය මර්දනයට එරෙහිව දේශියව නිෂ්පාදනය කරන ලද ඖෂධය බෙදා දීම අත්හිටුවීමට තීරණය කළ බව එම ඖෂධය සොයා ගත් කෑගල්ලේ ධම්මික වෙද මහතා අද (08) පස්වරුවේ අදාළ ඖෂධය ගැනීමට පැමිණ සිටි පිරිසට පවසා තිබෙනවා. ඒ කෑගල්ලේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ කැඳවීමක් අනුව ඔහු හමුවීමෙන් අනතුරුවයි.

එහිදී ඔහුට උපදෙස් ලැබී ඇත්තේ අදාළ විශේෂඥ වෛද්‍ය වාර්තා ලැබෙන තුරු එම ඖෂධය බෙදා දීම නවතා දමන ලෙසයි. ඒ අනුව, ඖෂධය බෙදා දීම අද (08) පස්වරුවේ දී නතර කෙරිණි.

කොරෝනා මර්දන ඖෂධය පන්දහසකට නොමිලේ ලබා දෙන බවට වෙද මහතා කර තිබූ ප්‍රචාරය අනුව අද (08) දින පෙරවරුවේ සිට දහස් ගණනක් කෑගල්ලේ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පන්සලකට රැස්ව සිටියා.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top