කොවිඩ් – 19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිෂ්පාදනය කරන ලද හෙළ ඔසුව අද (08) පළමු වරට ජනතාවට නොමිලේ බෙදා දීම සිදු කළා.
මෙම ඖෂධය බෙද දීම සිදු කරන ලද්දේ කෑගල්ල හෙට්ටිමුල්ලේ පිහිටි පන්සලක් වන අතර ඖෂධය ලබා ගැනීම සඳහා දහස් ගණනක් ජනතාව එහි රැස්වී සිටින අයුරු දකනට ලැබුණා. ආසන්න වශයෙන් අද දිනයේ දී 5000කට පමණ පිරිසකට මෙම ඖෂධය ලබා දී ඇති බවට වාර්තා වේ. එක් පවුලක එක් සාමාජිකයෙකුට ඖෂධය ලබා දීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.
