Advertise with Giraya
NEWS

චීන භාෂාව සහිත ගල්කිස්සේ දුම්රිය කාලසටහන් පුවරුව ගැන පරීක්ෂණයක්

මේ දිනවල සමාජ මාධ්‍යවල කතාබහට ලක් වූ ගල්කිස්ස දුම්රිය ස්ථානයේ චීන භාෂාව සහිත කාලසටහන් පුවරු සවිකර තිබීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මීට වසර හයකට පෙර අදාළ පුවරු සවිකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි ද ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ. ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් පමණක් අදාළ කාලසටහනේ තොරතුරු සටහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එය මෙරට භාෂා ප්‍රතිපත්තියට පටහැනි වන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා සඳහන් කළේ චීන භාෂාව සහිත පුවරු ඉවත් කර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඇතුළත් කර අදාළ පුවරු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top