Advertise with Giraya
NEWS

ඊයේ බොරැල්ලෙන් ආසාදිතයින් 192ක්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 28,580ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (07) දිනයේ දී නව ආසාදිතයින් 703 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 371 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 192ක් බොරැල්ල ප්‍රදේශයෙන් ද, කොම්පඤ්ඤවීදිය හා දෙමටගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 32ක් ද වාර්තා වී ඇත. ඒ අනුව ඔක්තෝබර් 04 වනදායින් පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා හමුවී ඇති කොවිඞ් ආසාදිතයන් සංඛ්‍යාව 11,706ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (07) දිනයේදී ආසාදිතයන් 102 ක්ද, කළුතරින් ආසාදිතයන් 64 ක්ද, අම්පාරින් 51 ක්ද, හම්බන්තොටින් ආසාදිතයන් 46 ක්ද වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

Giraya News Alerts

මහනුවරින් 25 ක්, නුවරඑළියෙන් 22 ක්, ගාල්ලෙන් 12 ක්, පුත්තලමින් 05 ක්, අනුරාධපුරයෙන් 02 ක් සහ කුරුණෑගල, මාතලේ හා මඩකලපුව දිස්ත්‍රික්වලින් එක් ආසාදිතයෙකු බැගින්ද ඊයේ (07) දිනයේදී කොව්ඞ් ආසාදිතයින් වාර්තා තිබෙනවා.

ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 7634ක් ලෙස සටහන් වේ. ඊයේ (07) දිනයේ දී තවත් කොවිිඩ් – 19 මරණ 02ක් වාර්තා වූ අතර ඒ අනුව වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top