කොවිඩ් රෝගයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 14ක් ඥාතීන් භාර නොගැනීමෙන් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ එම සිරුරු දින ගණනාවක් තිස්සේ තබා තිබෙනවා. මෙම මෘත ශරීර නරක් වුවහොත් තම සේවකයින් දැඩි ගැටලු සහගත තත්ත්වයකට පත්වන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන්නේ දිනෙන් දින මෙරට මරණ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවයි. ඇතැම් දිනවල දිනකට පැය 04කට එක් මරණයක් මෙරටින් වාර්තා වී ඇති අතර තවත් දිනවල පැය 08කට වරක් කොවිඩ් මරණයක් වාර්තා වන බවයි.
