සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 142කි.
141 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, නිශ්චිත පදිංචි ස්ථානයක් අනාවරණය වී නොමැති කොළඹ ප්‍රදේශයේ අවුරුදු 62ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දි 2020 දෙසැම්බර් 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.
142 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ජම්පටා වීදියේ පදිංචි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2020 දෙසැම්බර් 07 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සහ දියවැඩියාව සමඟ ඇති වූ ලේ විෂ වීමයි.
