ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝන් ආසාදිතයින් ගණන 28,203ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (06) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 649 දෙනා අතුරින් 295 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉන් 49 දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. මේ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති මුලු කොවිඞ් ආසාධිතයන් ගණන 11,383ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (06) දිනයේ දී ආසාදිතයන් 87 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 6777 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මීට අමතරව ඊයේ (06) දිනයේ දී කළුතරින් 51 ක්ද, පුත්තලමින් 50 ක්ද, කුරුණෑගලින් 12 ක්ද, රත්නපුරයෙන් 11 ක්ද, මහනුවරින් 10 ක් හා ගාල්ලෙන් 08ක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. තවද, කෑගල්ලෙන් 05 ක් හා මාතරින් 04 ක් ලෙස ද ඊයේ කොරෝනා ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.
නුවරඑළිය, පොළොන්නරුව, මුලතිවු හා මොණරාගල යන දිස්ත්‍රික්වලින් ඊයේ (06) වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 03 දෙනා බැගින් ය.
බදුල්ල, හම්බන්තොට, අම්පාර හා යාපනය දිස්ත්‍රික්වලින් දෙදෙනා බැගින්ද, අනුරාධපුර හා කිළිනොච්චි දිස්ත්‍රික්වලින් එක් අයෙකු බැගින් ද විදේශයන්හි සිට පැමිණි එක් අයෙකු ද ඊයේ (06) වාර්තා වූ ආසාදිතයන් අතරට අයත් වේ.
අනෙක් 93 දෙනා ප්‍රදේශය තහවුරු කරගත නොහැකි වූ කොරෝනා ආසාදිතයන් බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 7259ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලැබූ ගණන 20,804ක් වේ. වෛරසය හේතුවෙන් පුද්ගලයින් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
