Advertise with Giraya
NEWS

බිරිඳට උදැල්ලෙන් පහර දී සැමියා වස බීලා

හලාවත ඉහල මණ්ඩලාන ප්‍රදේශයේ දී තම බිරිද උදැල්ලකින් ගසා මරා දැමු සැමියකු වස පානය රෝහල් ගත කර ඇති බව හලාවත පොලිසිය කියයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, හලාවත ඉහල මණ්ඩලාන ,කුමාරකට්ටුව පදිංචිව 38 හැවිරිදි තිදරු මවක් වන අතර ඝාතනයට ලක්වු අදාළ කාන්තාව හා සැමියා අතර කලක් තිස්සේ ආරවුල් පැවති බවත් එම ආරවුල දුර දිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

සැකකාර සැමියා බිරිඳ සමග එකම කාමරයක නිදා ගෙන සිට ඇති බවත් මධ්‍යම රාත්‍රියේදී උදැල්ලකින් මෙසේ හිසට පහර දි ඇති බව ද වාර්තා වේ. එම උදලු පහරත් සමඟ විලාප තබා ඇති බවත් මවගේ විලාපයෙන් අවදි වු දරුවන් තම මව ලේ විලක් මැද වැටි සිටිනු දැක වහාම අසල නිවසක පිරිස් සමඟ හලාවත රෝහලට ඇතුළත් කර තිබු බවත් රෝහල් ගත කර සිටි කාන්තාව රෝහලේදි මරණයට පත්ව ඇති බවත් පොලිසිය පවසයි.

Giraya News Alerts

ඝාතනය සිදුකල බව කියන සැමියා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ බුලත් ගොවිපලක කම්කරුවකු ලෙස සේවය කරන බවත් සිද්දියෙන් පසු පලා ගිය සැමියා එම ස්ථානයේ වස පානය කර බරපතල තත්වයේ සිටියදි හලාවත රෝහලට ඇතුලත් කර ඇත. සිද්දිය සම්බන්ධව හලාවත මුලස්ථාන පොලිසිය පරික්ෂණ පවත්වයි.

-දිවයින-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top