මොරටුව, එගොඩ උයන ප්‍රදේශයේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරකින් පසුව පොලිසිය විසින් එවැනි සංවිධානාත්මකව සිදුකරනු ලබන බවට යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් අත්අඩංගුවට ගැනීමට රටපුරා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත ඊයේ (06) දිනයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් එවැනි සංවිධානාත්මක යතුරුපැදි කණ්ඩායමක් පොලිස් භාරයට ගනු ලැබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කිඹුලාවල මංසන්ධියේ සිට නව රෝහල පාරේ ධාවනය කිරීමට සැලසුම් කරමින් සිටි යතුරුපැදිකරුවන් 24 දෙනෙකු එලෙස පොලිස් භාරයට ගෙන ඇත.
මෙම යතුරුපැදි නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය සිය භාරයට ගෙන ඇති අතර එහි හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
