Advertise with Giraya
POLITICS

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන අවසන් සාකච්ඡාව හෙට

අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කවුරුන්ද යන්න පිළිබද අවසන් සාකච්ඡාවක් හෙට (08) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, පක්ෂයේ සභාපති සමන් පෙරේරා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ. අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා සඳහන් කළේ පසුගිය සිකුරාදා ද ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයට ද පසුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ කවුරුන් ද යන්න පිළිබදව මේ වන තෙක් එම පක්ෂය ද අවසන් නිගමනකට පැමිණ නැහැ.

Giraya News Alerts

පක්ෂයේ බොහෝ පිරිසක් පසුගිය දා අත්සන් ලේඛනයක් ඉදිරිපත් කරමින් එහි නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට පිවිසෙන ලෙස ආරාධනා කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top