Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 140ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තාා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 140කි.

138 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 98 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒම රෝහලේ දී 2020 දෙසැම්බර් 06 වැනි දන මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

139 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි. හෝමාගම මූලික රෝහලේ දී 2020 දෙසැම්බර් 05 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ වකුගඩු අක්‍රිය වීමයි.

Giraya News Alerts

140 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මග්ගො ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2020 දෙසැම්බර් 05 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top