Advertise with Giraya
Gossip

මෙත්සඳ සෙවණ පදිංචිකරුවන් හුදකලා කිරීමට එරෙහිව විරෝධතාවයක

මෝදර හේනමුල්ල මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් තමන් තවදුරටත් හුදකලා කර තැබීමට එරෙහිව අද (06) විරෝධතාවක නිරත විය.

“දවසේ වියදම හොයාගෙන කන බොන මිනිස්සු මේ නිවාසවල ඉන්නේ. මේකේ කොරෝනා ආසාදිතයින් 82ක් ඉන්නවා කියනවා. අපිට පෙන්නන්න. අපි දැකලා නෑ. අපේ ගෙවල්වල ගෑස් නෑ. භූමිතෙල් ගන්න තැනක් නෑ. කුඩා ළමයි ඉන්නවා. අපිට ජීවත් වෙන්න විදිහක් නෑ. මේ ගේට්ටුව ඇරලා දෙන්න.” යැයි එහිදී විරෝධතාකරුවන් පවසයි.

එමෙන්ම මෝදර ෆර්ගියුසන් පාරේ සත්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ද අද (06) විරෝධතාවක නිරතවුයේ තමන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත්ව නොලැබෙන බව පවසමින්ය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top