Advertise with Giraya
NEWS

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් හලාවත දී අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 100ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ මාරවිල, තොඩුවාව ප‍්‍රදේශයේදී වන අතර සැකකරුවන් ගමන් කරමින් සිටි රථ වාහන තුනක්ද සිය භාරයට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙය සුරාබදු ඉතිහාසයේ සුවිශේෂී මෙහෙයුමක් වන බව දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළා. ඒ එකම සුරාබදු වැටලීමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගැනීමට හැකිවීම සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් එකම ස්ථානයකින් සොයා ගැනීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ විමර්ශනයක් සිදුකරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top