ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් මේ වන විට 27,228ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (05) දිනයේ දී නව ආසාදිතයින් 669 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 204ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයෙන් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (05) දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170 දෙනෙකු ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111 දෙනෙකු ද වාර්තා වි තිබෙනවා.
ඊයේ (05) දිනයේ දී කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ පහතින් දැක්වේ,
- කොළඹ දිස්ත්‍රික්කය – 204
- කොටහේන/බ්ලුමැන්ඩල් – 48
- බොරැල්ල – 31
- කුරුඳුවත්ත – 30
- මරදාන – 18
- කොම්පඤ්ඤ වීදිය – 18
- මට්ටක්කුලිය – 11
- දෙමටගොඩ – 16
- ගල්කිස්ස – 07
- අලුත්කඩේ – 06
- ග්‍රෑන්ඩ්පාස් – 05
- පිටකොටුව – 04
- වැල්ලවත්ත – 03
- මීපෙ – 02
- රාජගිරිය 02
- කොල්ලුපිටිය – 01
- බම්බලපිටිය -01
- කිරුළපන – 01
- මහනුවර දිස්ත්‍රික්කය – 170
- ගම්පහ දිස්ත්‍රික්කය – 111
- මීගමුව – 45
- මහර – 36
- පෑලියගොඩ – 13
- කැලණිය – 04
- වත්තල – 03
- තුල්හිරිය – 02
- ගම්පහ – 01
- බෙම්මුල්ල – 01
- ජාඇළ – 01
- කටාන – 01
- කොටදෙණියාව – 01
- මීරිගම – 01
- රාගම – 01
- සීදුව – 01
- කළුතර දිස්ත්‍රික්කය – 67
- ගාල්ල දිස්ත්‍රික්කය – 21
- අම්පාර දිස්ත්‍රික්කය – 21
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 17
- මාතර දිස්ත්‍රික්කය -14
- නුවරඑළිය දිස්ත්‍රික්කය -11
- බදුල්ල දිස්ත්‍රික්කය – 07
- යාපනය දිස්ත්‍රික්කය – 07
- අනුරාධපුර දිස්ත්‍රික්කය -05
- කෑගල්ල දිස්ත්‍රික්කය – 05
- මොනරාගල දිස්ත්‍රික්කය – 03
- රත්නපුර දිස්ත්‍රික්කය – 02
- පුත්තලම දිස්ත්‍රික්කය – 02
- මාතලේ දිස්ත්‍රික්කය -01
- හම්බන්තොට දිස්ත්‍රික්කය -01
ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 23,670ක් වන අතර ඉන් 16,682ක් සුවය ලබා ඇත.
දැනට රෝහල්වල ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 7001ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 20,090ක් සුවය ලබා ඇත. ඊයේ (05) දිනයේ දී කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මරණ 07ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට දී මිය ගිය ගණන 137ක් දක්වා ඉහළ ගොස් ඇත.
