සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගින්ගේ මරණ 07ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 137කි.
131 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 91 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 03 වැනි දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා ඇති වු හෘද රෝගයකි.
132 කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බන්ධනාගාර රැඳවියෙක් වන 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් 01 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා ඇති වූ නියුමෝනියා තත්ත්වයයි.
133 කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි. ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2020 දෙසැම්බර් 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නියුමෝනියාවයි.
134 කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. 2020 නොවැම්බර් 28 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 සමඟ ඇති වූ පපුවේ ආසාදනය, උග්‍ර පෙනහලු රෝගී තත්ත්වය සහ හෘද රෝග තත්ත්වයකි.
135 කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. 2020 දෙසැම්බර් 04 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නියුමෝනියා තත්ත්වයයි.
136 කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු වන 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධානාගාර රෝහලේ දී 2020 දෙසැම්බර් 02 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නියුමෝනියා තත්ත්වයයි.
137 කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි. ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2020 දෙසැම්බර් 05 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොවිඩ් – 19 නියුමෝනියා තත්ත්වය සමඟ ඇති වු බහු ඉන්ද්‍රීය අක්‍රීය වීමයි.
