Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොවිඩ් එන්නතක් පෙබරවාරියේ දී ලංකාවට

කොවිඩ් 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා යොදා ගත හැකිවනු ඇත්තේ ලබන පෙබරවාරි මාසයේදී බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාවට දන්වා ඇති බවයි.

එමෙන්ම, බ්‍රිතාන්‍යය විසින් පුළුල් භාවිතය සඳහා අනුමත කර ඇති ෆයිසර් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට යොදා ගැනීම ගැටලුකාරි බව අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, කොරෝනා වෛරස් එන්නත් මගින් කොවිඩ් 19 ගෝලීය වසංගතය කඩිනමින් තුරන් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ වනවිට සාර්ථක කොරෝනා එන්නත් කිහිපයක් පිළිබඳව වාර්තා වන අතර, ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත බ්‍රිතාන්‍යයේ පොදු භාවිතයටද අවසර හිමිවුණා.

Giraya News Alerts

එමෙන්ම, චීනය සහ රුසියාව ඔවුන්ගේ ස්වදේශීය කොරෝනා එන්නත් ජනතාවට ලබාදීමට පියවර ගනිමින් සිටිනවා. කෙසේ නමුත්, ජිනීවා නුවර ඊයේ (04) පැවති මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් කියා සිටියේ කොරෝනා එන්නත්, වසංගතය මුළුමනින්ම අවසන් කිරීමේ කඩඉමක් නොවන බවයි.

කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේ‍රඩොස් ඇඩනම් ග්‍රේබියේසස් කොරෝනා එන්නත් නිෂ්පාදනය කිරීමේ ප්‍රගතිය හැඳින්වූයේ ‘අඳුරු උමගක් කෙලවරින් මතු වූ ආලෝකයක්’ ලෙසයි. එමෙන්ම, කොරෝනා එන්නතක් තමා විසින්ද ප්‍රසිද්ධියේ ලබාගැනීමට සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, අමෙරිකාවේ ජනාධිපති ධූරයට තේරී පත්ව සිටින ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බිල් ක්ලින්ටන් කොරෝනා එන්නත් ප්‍රවර්ධනය සඳහා ඒවා ප්‍රසිද්ධියේ ලබාගැනීමට දක්වන අභිලාෂය ඔහුගේ ප්‍රසාදයට ලක්වුණා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top