එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් පත්කර තිබෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් පසුගිය දා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු වී පැවතුණි. මේ වසර අවසානයේ නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදුවන අතර ඒ දක්වා ශමල් සෙනරත් පක්ෂයේ වැඩබලන මහලේකම් ධුරයේ කටයුතු කරනු ඇති.
කෙසේවෙතත්, ශමල් සෙනරත් යනු මහමැතිවරණ 3කට ඉදිරිපත් වී ඒ සියල්ලගෙන්ම පරාජයට පත්වූ අයෙකි. එමෙන්ම පළාත් සභා මහඇමැති අපේක්ෂකත්වය සදහා තරග වැදුණද එයින්ද ඔහු පරාජයට පත්ව තිබිණ
