ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් මේ වන විට 26,559ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (04) දිනයේ දී නව ආසාදිතයින් 521 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 342ක් බව කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 91 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 44 දෙනෙකු ද වාර්තා වී ඇත.
ඊයේ (04) දිනයේ දී ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයන් පහතින් දැක්වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 342
- ග්‍රෑන්ඩ්පාස් – 82
- වැලිකඩ – 73
- දෙමටගොඩ – 59
- මරදාන – 38
- මට්ටක්කුලිය 31
- වැල්ලවත්ත – 19
- දෙහිවල – 10
- කොටහේන/බ්ලූමැන්ඩල් – 09
- අලුත්කඩේ – 04
- ගොතටුව – 02
- මඩපාත – 02
- පුවක්පිටිය – 02
- රාජගිරිය – 02
- තලවතුගොඩ -02
- අංගොඩ – 02
- කොල්ලුපිටිය – 02
- බොරැල්ල – 01
- අත්තිඩිය – 01
- බොරලැස්ගමුව – 01
- මහනුවර දිස්ත්‍රික්කය – 91
- කළුතර දිස්ත්‍රික්කය – 44
- අම්පාර දිස්ත්‍රික්කය – 17
- ගම්පහ දිස්ත්‍රික්කය – 11
- වත්තල – 04
- බුත්පිටිය – 01
- කුරණ – 01
- දොරණගොඩ – 01
- පල්ලෙවෙල -01
- කිරිබත්ගොඩ – 01
- ලෝලුවාගොඩ – 01
- කොච්චිකඩේ – 01
- පුත්තලම දිස්ත්‍රික්කය -04
- මාතර දිස්ත්‍රික්කය – 03
- රත්නපුර දිස්ත්‍රික්කය – 02
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 02
- ගාල්ල දිස්ත්‍රික්කය – 01
මීට අමතරව විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද, විදේශිකයෙකු ද කොරෝනා ආසාදිතයින් බව ඊයේ (04) දිනයේ දී හඳුනාගෙන ඇත.
ඒ අනුව, ඊයේ (04) දිනයේ දී හඳුනාගත් ආසාදිතයින් 517 දෙනා ද ඇතුළුව බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 23,005ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට ප්‍රතිකාර ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 6991ක් වේ. වාර්තා වූ ආසාදිතයින්ගෙන් 19,438 දෙනෙකු සුවය ලබා ඇත. ජීවිතක්ෂයට පත් වූ ගණන 130කි.
