Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ 130ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 01ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 130කි.

130 වන මරණය ලෙස වාර්තා වන්නේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් – 19 රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර 2020 දෙසැම්බර් 04 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටීරියා ආසාදනය සහ හෘද රෝග තත්ත්වයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top