Advertise with Giraya
NEWS

කොවිඩ් රෝගින්ට පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ඉල්ලයි

පෞද්ගලික රෝහල්වලින් කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර ගැනීමට කැමතිනම් ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස වෛද්‍ය විශේෂඥයින් විසින් කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, මහාචාර්ය අර්ජුන ද සිල්වා, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ, මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද, සහ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ යන වෛද්‍ය විශේෂඥයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් හා යුද හමුදාපතිවරයා අතර ඊයේ (03) දිනයේ දි පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම සිදු කර තිබේ.

එහිදී, ඔවුන් පෙන්වා දී ඇත්තේ පුද්ගලික අංශයේ ප්‍රතිකාර ලබාගැනීමට ආසාදිත පුද්ගලයින් කැමතිනම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බවයි. එමගින් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇති තදබදය අඩු කරගත හැකි බවත් ඒ ඔස්සේ අඩු ආදායම්ලාභී ආසාදිතයින්ට අවස්ථාව ලැබෙන බවද ඔවුන් පෙන්වා දී තිබේ.

Giraya News Alerts

ඒ පිළිබඳව, කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ අනෙකුත් බලධාරීන්ට දැනුම් දී තීරණයක් ගන්නා බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top