Advertise with Giraya
NEWS

මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණයට

මහර බන්ධනාගාරයේ සියලූ රැඳවියන් මෙම සති අන්තයේ දී කොරෝනා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ රඳවා සිටින පිරිස 2800 කට අධික බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එමෙන්ම, දිවයිනේ සෙසු බන්ධනාගාරවල රැඳවියන්ද කොරෝනා ආසාදිත දැයි තහවුරු කිරීම සඳහා පරීක්ෂණවලට ලක් කරන බව ද අමාත්‍යවරයා පැවසුවා. මේ වනවිට කොරෝනා ආසාදිත මෙරට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 1382 ක්.

මේ අතර, මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවක් ලබන සඳුදා දිනයේදී අධිකරණ අමාත්‍ය අලි ශබ්රි වෙත භාරදීමට නියමිතයි.

Giraya News Alerts

අදාළ පංච පුද්ගල කමිටුව ඊයේ (03) දිනයේදී පළමුවරට මහර බන්ධනාගාර පරිශ්‍රයට ගොස් සාක්ෂි සටහන් කරගනු ලැබුවා. එහිදී රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර අද (04) දිනයේ ද එම කණ්ඩායම මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත යෑමට නියමිතයි. අද දිනයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ තවත් රැඳවියන් පිරිසකගෙන් ඔවුන් ප්‍රකාශ සටහන් කරගනු ඇති.

බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ කෙටිකාලීනව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍ය අලි ශබ්රි උපදෙස් දී තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top