ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 26,038ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (03) දිනයේ දී ආසාදිතයින් 628 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 402ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (03) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් අතරින් 104 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් ද, 52 දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් ද, කොළඹ මහ නගර සභාවෙන් 49 දෙනෙකු ද වාර්තා වී ඇත. ඒ අනුව, ඔක්තෝම්බර් 04 වැනි දින සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 10,542ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් ඊයේ (03) ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔක්තෝම්බර් 04 වැනි දින සිට එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 6568ක් වේ.
මීට අමතරව, පහත සඳහන් දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වූ ගණන මෙසේය.
- අම්පාර දිස්ත්‍රික්කය – 14
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 01
- මහනුවර දිස්ත්‍රික්කය – 01
- ගාල්ල දිස්ත්‍රික්කය – 15
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 02
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 04
- කෑගල්ල දිස්ත්‍රික්කය – 02
- මාතර දිස්ත්‍රික්කය – 02
- මොණරාගල දිස්ත්‍රික්කය – 01
- රත්නපුර දිස්ත්‍රික්කය – 35
- මුලතිව් දිස්ත්‍රික්කය – 01
- මාතලේ දිස්ත්‍රික්කය – 01
- යාපනය දිස්ත්‍රික්කය – 01
එමෙන්ම, විදේශයේ සිට පැමිණි එක් අයෙකු ද ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත. තවද, ප්‍රදේශය තහවුරු කර නොගත් පුද්ගලයින් 44 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6877ක් වේ. එමෙන්ම. ඊයේ (03) දිනයේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් පස් දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගියා. වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 19,032 දෙනෙකු ම සුවය ලබා ඇත.
