Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

මිට අමතර ලොහාන් රත්වත්තේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබයි.

මිට පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවේ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේයි. ඇයව පසුගියදා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබීය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top