‘ස්කූබා ඩයිවින්’ නම් සුප්‍රකට සගරාව විසින් ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩී වෝස් 2020 සාගර වීරවරිය ලෙස නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිටින නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආශා ඩි වොස් ඉටු කල සේවය පදනම් කරගෙන මෙම ඇගයීම සිදු කර ඇත. ඒ වෙනුවෙන් ඇයට ඩොලර් 5000 ක ත්‍යාගයක් හිමිවන අතර සාගර ජීව විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා එම මුදල යෙදවීමට නියමිතයි.
මීට සති කිහිපයකට පෙර පානදුර වෙරළ තීරයට තල්මසුන් පිරිසක් ගොඩ ගසා තිබූ අවස්ථාවේදී ඔවුන් යළි මුහුදට හරවා යැවීමේ කර්තව්‍යයටද සාගර විද්‍යාඥ ආශා ඩි වොස් ද කැපවී කටයුතු කරනු දක්නට ලැබුණා.
මේ පිළිබඳව වැඩි විස්තර මෙම වීඩියෝවෙන්.
