ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 24,532ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (01) දිනයේ දී ආසාදිතයින් 545 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 400කට වැඩි පිරිසක් බස්නාහිර පලාතෙන් වාර්තා වී ඇත.
එලෙස හඳුනාගත් ආසාදිතයින් අතරින් 294 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් අතරින් 66 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් ද, 77 දෙනෙකු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇත. ඒ අනුව, ඔක්තෝම්බර් 04 වැනි දින සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 9738ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් ඊයේ (01) ආසාදිතයින් 130 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 96 දෙනෙකු ම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයෙන් ඔක්තෝම්බර් 04 වැනි දින සිට ඊයේ (01) දිනය දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 1065කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔක්තෝම්බර් 04 වැනි දින සිට එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 6314ක් වේ.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) දිනයේ දී ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වි ඇති අතර ඉන් 24 දෙනෙකු ම බෝගම්බර් බන්ධනාගාරයෙන් හඳුනාගෙන ඇත.
මීට අමතරව, පහත සඳහන් දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වූ ගණන මෙසේය.
- අම්පාර දිස්ත්‍රික්කය – 16
- පුත්තලම දිස්ත්‍රික්කය – 14
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 08
- ගාල්ල දිස්ත්‍රික්කය – 03
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 03
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 02
- කෑගල්ල දිස්ත්‍රික්කය – 02
- මාතලේ දිස්ත්‍රික්කය – 02
- මඩකලපුව දිස්ත්‍රික්කය – 02
- මොණරාගල දිස්ත්‍රික්කය – 02
- රත්නපුර දිස්ත්‍රික්කය – 01
එමෙන්ම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි දෙදෙනෙක් හා ජපානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් ද ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත. තවද, ප්‍රදේශය තහවුරු කර නොගත් පුද්ගලයින් 04 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6593ක් වේ. එමෙන්ම. ඊයේ (01) දිනයේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් සිව් දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගියා. වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 17,817 දෙනෙකු ම සුවය ලබා ඇත.
