කොවිඩ් -19 වෛරසයට එරෙහිව දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධය පිළිබඳ වැඩිදුර පරික්ෂණය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුමැතිය ලබා දී තිබෙනවා.
කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බළකාය අද (01) රැස්වූ අවස්ථාවේ දී දේශීය ඖෂධය පිළිබඳ සායනික පර්යේෂණ කටයුතු සිදු කිරීම ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යටතට පවරා ඇත.
කොවිඩ් -19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමත් සමත් වූ අතර කරන ලද සායනික පරීක්ෂණ අවස්ථාවන් දෙකකදී එය 100%ක් සාර්ථක වී ඇති බව තහවුරු විය.
සම්බන්ධිත පුවත්
