සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 122කි.
119 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 නොවැම්බර් 29 වැනි දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදිතව සිටිය දී හටගත් විෂබීජ ආසාදනයක් හේතුවෙන් ඇති වූ කම්පනය වේ.
120 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවකි. 2020 නොවැම්බර් 29 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ මොළය අභ්‍යන්තරයේ ලේ කැටි ගැසීමක් සමඟ කොවිඩ් – 19 ආසාදනයයි.
121 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි කාන්තාවකි. 2020 නොවැම්බර් 28 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ ලේ විෂ වීම සහ සමේ ඇති වූ ආසාදනය වේ.
122 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පෞද්ගලික රෝහලක සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මුලික රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී 2020 නොවැම්බර් 30 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත පෙනහලු රෝගයක් සමඟ කොවිඩ් – 19 ආසාදනය වේ.
