ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු, කොවිඩ් – 19 ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම රජයේ වියදමින් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
එවැනි මියගිය අයගේ මළ සිරුරු කිහිපයක් මේ වන විටත් රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල එක් රැස්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ තත්ත්වය, පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව එවැනි මළ සිරුරු වහාම සෞඛ්‍ය හා නීති උපදෙස්වලට අනුකූලව රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
මේ සඳහා, වැයවන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදෙනු දීමට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සඳහන් කරයි.
