Advertise with Giraya
NEWS

මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඒ අනුව මේ වන විට මහර බන්ධනාගාරයේ ඇති වු කලහකාරී සිදුවීමෙන් මියගිය රැඳවියන් ගණන 11 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, අදාළ සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් ගණන 117ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස අතරින් 30 දෙනෙකු බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂ ෂෙල්ටන් පෙරේරා සඳහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top