මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලෙන් මිය ගිය ගණන 09ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කරයි. තුවාල ලබා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම, සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 108 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ. ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් 15 දෙනෙකුට ශල්‍යකර්ම සිදු කර ඇති බවත් වාර්තා වේ.
එසේම, මහර බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රැඳවියන් 187 දෙනෙකු කොළඹ බන්ධනාගාරයේ විශේෂිත ඒකකයක් වෙත රැගෙන විත් තිබෙන බව ද වාර්තා වේ. මීට අමතරව, අදාළ සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කරන ලද 52 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 38 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ද රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
