ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් සිල්වා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එහි ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා අබුඩාබියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුකූලව අබුඩාබි පොලිසිය මගින් පෙරේදා (29) දිනයේ ඔහු එලෙස අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.
ඉකුත් මැයි 31 වෙනිදා මොරටුව සොයිසා පුර හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව, මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඩුබායි පොලිසිය මොහු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න සඳහන් කරයි.
2018 මැයි 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා ඝාතනයට ලක්විය. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වූ රංජන් ද සිල්වාට වෙඩි තබා තිබුණේ ඔහුගේ පුත් රමාල් සමග තිබූ ආරවුලක් මත බව පසුව අනාවරණ කර ගැනුණි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“මේ සිද්ධියේ දී ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා ඝාතනය කරනු ලැබුවා වෙඩි තබා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා. නමුත් මේ ප්‍රධාන සැකකරු රටින් පළායෑමක් සිදුවුණා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට. ඔහු පළායෑමත් සමග විශේෂයෙන් මේ ගැන පරීක්ෂණ පවත්වලා අපරාධකරුගේ තිබෙන ඍජු සම්බන්ධය අනාවරණය කර ගත්තා. ඒ අනුව අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගෙන මේ සම්බන්ධයෙන් අන්තර් ජාතික පොලීසියට අපි ඉල්ලීමක් කරා. මේ සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිවල ජීවත්වන බවට තොරතුරු තියෙනවා. ඔහුට රතු නිවේදනයක් නිකුත් කරන්න කියලා. ඒ අනුව ඒ ඉල්ලීම අනුව ජාත්‍යන්තර පොලිස් මුලස්ථානය රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එවැනි අවස්ථාවක දී ඒක ලෝකයේ සෑම රටකටම යවනවා. ඒ අනුව රතු නිවේදනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙච්ච එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි පොලීසිය ධර්මසිරි නැමති සැකකරු පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ තියෙන පොලිස් ශාඛාවට දැනුම් දීලා තියෙනවා ඔහු සම්බන්ධයෙන් උදර්පණ නීතිය අනුව කටයුතු කරන්න කියලා.”
සම්බන්ධිත පුවත්
- සොයිසාපුර සිද්ධියට සම්බන්ධ රියදුරුගෙන් තොරතුරු රැසක් එළියට
- සොයිසාපුර සිදුවීමේ නවතම තත්ත්වය
- සොයිසාපුර සිද්ධියට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් සමඟ පොලිසියට කොටුවෙයි
- සොයිසාපුර සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පොලීසියට කොටුවෙයි
- සොයිසාපුර සිද්ධියට අත්අඩංගුවට ගත්තේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරුයි
