Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාෙව් වාර්තා වූ කොරෝනා මරණ ගණන 118ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ් අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 118කි.

117 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගලහ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පේරාදෙණිය ශික්ෂ රෝහලට 2020 නොවැම්බර් 27 වැනි දින ඇතුළත් කරන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් – 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධ තත්ත්වයකි.

118 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අටලුගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. 2020 නොවැම්බර් 28 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 සමඟ උග්‍ර අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ රුධිරගත කොවිඩ් – 19 සමඟ රුධිරගත කොලස්ට්රෝල් ප්‍රමාණය ඉහළ යාමයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top