මහර බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ 48 දෙනෙකුට සිදු කරන ලද පරීක්ෂණවලින් ඉන් 26 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කලේ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 71 දෙනාගෙන් 48 දෙනෙකු සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කළ බවත් ඉන් 26 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට ඉන් තහවුරු වූ බවයි.
තවද, ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ 71 දෙනාගෙන් 10 දෙනෙක්ගේ තත්ත්වය බරපතළ බව ද නියෝජ්‍ය අධ්යක්ෂවරයා තවදුරටත් සඳහන් කළා.
බන්ධානාගාරයේ රැඳවූවන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වය හට ගනු ලැබුවා.
සම්බන්ධිත පුවත්
- මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට…24කට තුවාලයි
- මහර බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
