ශ්‍රී ලංකාවෙන් වාර්ත වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 23,484ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (29) දිනයේ දී නව ආසාදිතයින් 496ක් වාර්තා වූ අතර ඉන් 167 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එමෙන්ම, කොළඹ නගර සීමාව තුළ ආසාදිතයින් 78 දෙනෙකු වාර්තා වී ඇත.
අලුත්කඩේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 14ක් හා මට්ටක්කුලියෙන් ආසාදිතයින් 6ක් ඊයේ වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (29) දිනයේ දී ආසාදිතයින් 56 දෙනෙක් වාර්තා වී ඇති අතර, ඉන් 17 දෙනෙක් වත්තල ප්‍රදේශයෙන් හා ආසාදිතයින් 10ක් කැලණියෙන් වාර්තා වී තිබේ.
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53ක් වාර්තා වී ඇති අතර, වැඩිම පිරිසක් ලෙස ආසාදිතයින් 45ක් දංකොටුව ප්‍රදේශයෙන් වාර්තා විය.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 9ක්, කළුතරින් 8ක්, රත්නපුරයෙන් 8ක්, මහනුවරින් 6ක්, කෑගල්ලෙන් 5ක්, අම්පාරෙන් 5ක්, නුවරඑළියෙන් 4ක්, මන්නාරමෙන් 4ක්, බදුල්ලෙන් 3ක්, ගාල්ලෙන් 3ක්, අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් 2ක බැගින්, මාතලෙන් හා හම්බන්තොටින් එක් ආසාදිතයෙක් බැගින් වාර්තා වී ඇත.
ඒ් අනුව, සක්‍රීය ආසාදිතයින් ගණන 6366ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (29) දිනයේ දි තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වූ අතර වෛරසය හේතුවෙන් මෙරට මිය ගිය ගණන 116ක් දක්වා ඉහළ ගියේය.
