Advertise with Giraya
NEWS

මහර බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට

Update at 11.08 AM

මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් අට දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. තුවාාල ලැබූවන් 43 දෙනෙකු පමණ ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පලා යාමට උත්සාහ දැරීමත් සමඟ ඊයේ (29) දහවල් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවය හට ගෙන තිබෙනවා. එහිදි බන්ධනාගාර නිලධාරීන් විසින් තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබෙනවා.

Giraya News Alerts

නමුත්, පස්වරුව වන විට දැනට බන්ධනාගාරය තුළ රඳවා සිටින ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දී ඇති රැඳවියන් හා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන් අතර ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගෙන තිබු අතර බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණු අතර කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් ද පොලිස් කණ්ඩායම් 5 ක් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය.

එහෙත් රාත්‍රිය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබේ. ගින්න පැතිර යාම වැඩි වීමත් සමග ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමටද පියවර ගත් බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර මේ වන විට ගින්න පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top