ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (29) පස්වරු 09.30 වන විට 23,484ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (29) දිනයේ දී තවත් ආසාදිතයින් 173 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ් අනුව, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 496 ක් වේ.
එම ආසාදිතයින් අතරින් ආසාදිතයින් 496 දෙනා ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 19,940 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, අද (29) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 346 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 17,002 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6366 ක් වේ. මෙරට පුද්ගලයින් 116 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ.
