Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට…24කට තුවාලයි

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින් සිව් දෙනෙකුගේ සිරුරු රාගම රෝහලේ ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂවරිය පවසයි. එසේම තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙක් ද රෝහලට ඇතුළු කර තිබෙන බව ද වාර්තා වේ.

අද (29) පස්වරුවේ මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තිබූ අතර දෙදෙනෙකු තුවාල ලැබුවා.

තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

Giraya News Alerts

මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇතිබව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය. මේ වනවිට බන්ධනාගාරයේ තුළ රඳවා ඇති පිරිස් අතර ද ආරවුලක් ඇති වී ඇති බව ඇය කීය. එක් පිරිසක් එහි ගිනි තැබීමක් ද කර ඇති බව වාර්තා වන බවද ඇය පවසයි. මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර සිදුවීමෙන් තමන්ගේ ඥාතීන්ට සිදුවී ඇත්තේ කුමක්ද යන්න විමසමින් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීහු පිරිසක් ප්‍රධාන දොරටුව අසළ කලබල කරමින් සිටින බවත් වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top