සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 07ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ ගණන 116කි.
110 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50ක කාන්තාවකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනිමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී 2020 නොවැම්බර් 28 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නියුමෝනියාව සහ නිධන්ගත පෙනහලු රෝගයකි.
111 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගොතටුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 නොවැම්බර් 27 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ නිධන්ගත පෙනහලු රෝගයක් සහ දියවැඩියාව උත්සන්න වීමයි.
112 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මොරටුව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලබමින් සිටියදී හෝමාගම මූලික රෝහලේ දී 2020 නොවැම්බර් 29 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා උග්‍ර වූ නියුමෝනියා තත්ත්වයයි.
113 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හලාවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70 ක පිරිමි පුද්ගලයෙකි. හලාවත මූලික රෝහලේ දී 2020 නොවැම්බර් 29 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ ආඝාතය සමඟ කොවිඩ් – 19 නියුමෝනියාවයි.
114 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර ඇති අතර එම රෝහලේ දී 2020 නොවැම්බර් 27 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගය සමඟ කොවිඩ් – 19 නියුමෝනියාව වේ.
115 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 90ක කාන්තාවකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර ඇති අතර එම රෝහලේ දී 2020 නොවැම්බර් 29 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 නියුමෝනියාවයි.
116 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මරදාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 78 ක පිරිමි පුද්ගලයෙකි. 2020 නොවැම්බර් 27 වැනි දින රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 සමඟ පෙනහලු අකර්මණ්‍ය වීමයි.
