කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලන කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ගිලිහීම බරපතළ තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ, එවැනි තත්ත්වයක් පවතින්නේ නම් සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ, “බිම් මට්ටමේ ආසාදිතයින් ආවේක්ෂණය කිරීමේ තාක්ෂණික ක්‍රියාවලියේ ඍජු ලෙස නිරතවෙලා ඉන්න කණ්ඩායම තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට පැහැදිලිවම කියන්න සිද්ධ වුණා ලංකාවේ සමහර තැන්වල PHI මහත්වරුන්ගේ පාලනයෙන් මේ ආවේක්ෂණ ක්‍රියාවලිය ගිලිහෙමින් පවතිනවා කියලා. මේක ඉතාම බරපතළ තත්ත්වයක්. ඒ වගේම බරපතළ ප්‍රකාශයක්. විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් බලධාරීන්ගේ වගකීම තමයි එතැනට වැඩි පිරිසක් යොමුකරලා මේ ක්‍රියාවලිය බිඳවැටීමකින් තොරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ පාලනය තුළ මේ ක්‍රියාවලිය තබා ගන්න අවශ්‍ය කරන සම්පත් ඒ අයට ලබා දෙන්න. මහජන පරීක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමටකින් තොරව, මේ ආවේක්ෂණ ක්‍රියාවලිය ඉස්සරහට යන්න බෑ.“ යනුවෙන් පැවසුවා.
