Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා මරණ 109න් 44ක් නිවෙස්වලදී හෝ රෝහලට ඇතුළත් කිරීමේ දී සිදු වූ මරණ

ශ්‍රී ලංකාවේ සිදු වූ කොරෝනා මරණ ගණන මේ වන විට 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම මරණ අතරින් 44ක්ම නිවෙස්වල දී හෝ රෝහලට ඇතුළත් කිරීමේ දී සිදු වූ මරණ වේ.

වෛරසය ආසාදනය වීම නිසා මියගිය සමස්ත 109 දෙනාගෙ‍න් තිදෙනෙකු වයස අවුරුදු 10 ත් 30 ත් අතර වයස්වල පසුවන අතර සිව්දෙනෙකු 31 ත් 40 ත් අතර වයස්වල පසුවිය. වයස අවුරුදු 41 ත් 50 ත් අතර වයස් සීමාවේ පසුවන 16 දෙනෙකුද , වයස 51 ත් 60 ත් අතර 21 දෙනෙකු ද , වයස 61 ත් 70 ත් අතර යන වයස්වල පසුවන 20 දෙනකුද මිය ගිය අය අතර වේ.

සමස්ත කොවිඩ් මරණ අතරින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ අවුරුදු 71 ට වඩා වැඩි වයස් කාණ්ඩයෙන් වන අතර එම සංඛ්‍යාව 45 කි.

Giraya News Alerts

සමස්ත මරණ 109 න් 81 දෙනෙකුම වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාව වර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 13 කි. කළුතරින් 06ක්, කුරුණෑගලින් 04ක්, පුත්තලමෙන් 03ක්, නුවරඑළියෙන් එක් මරණයක් සහ හඳුනානොගත් එක් මරණයකුත් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්ය.

එමෙන්ම, ඊයේ (28) දිනයේ දී කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය වයස්ගතම පුද්ගලයාගේ මරණය වාර්තා විය. ඇය කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිව සිටි 96 හැවිරිදි කාන්තාවක් වන අතර නොවැම්බර් මස 27 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ඇදුම රෝගය සමග ඇති වූ කොව්ඩ් – 19 නියුමෝනියා තත්ත්වයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top