ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 22,988ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (28) දිනයේ දී නව ආසාදිතයින් 487 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 223 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් ආසාදිතයින් 56ක් ම වාර්තා වී ඇත්තේ අලුත්කඩේ ප්‍රදේශයෙන් ය.
ඊයේ (28) දිනයේ දී කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශයන් පහතින් දැක්වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 223
- කොටුව -02
- කොම්පඤ්ඤවීදිය – 28
- කොල්ලුපිටිය – 05
- බම්බලපිටිය – 01
- කිරුළපන – 09
- වැල්ලවත්ත – 01
- දෙමටගොඩ – 08
- මරදාන – 07
- අලුත්කඩේ – 56
- කොටහේන/බ්ලූමැන්ඩල් – 45
- ග්‍රෑන්ඩ්පාස් – 17
- මට්ටක්කුලිය – 13
- දෙහිවල – 01
- අවිස්සාවේල්ල – 04
- බත්තරමුල්ල – 02
- වැල්ලම්පිටිය – 05
- කොළඹ වරාය – 19
- ගම්පහ දිස්ත්‍රික්කය – 78
- නුවරඑළිය දිස්ත්‍රික්කය – 02
- රත්නපුර දිස්ත්‍රික්කය – 14
- ගාල්ල දිස්ත්‍රික්කය – 08
- මාතර දිස්ත්‍රික්කය – 13
- අම්පාර දිස්ත්‍රික්කය – 07
- මාතලේ දිස්ත්‍රික්කය – 03
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01
- මහනුවර දිස්ත්‍රික්කය – 15
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 14
- වෙනත් – 109
ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6225ක් වේ. එමෙන්ම, ඊයේ (28) දිනයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙකු කොරෝ වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා විය. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 109ක් වේ.
