කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත්කිරීමටත්, තවත් ප්‍රදේශ කිහිපයක තවදුරටත් හුදකලා තත්වය ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා බව හෙට (30) උදෑසන 5.00 සිට ඉවත් කරන ප්‍රදේශ,
- මට්ටක්කුලිය පොලිස් වසම
- වෙරළබඩ පොලිස් වසම
- පිටකොටුව පොලිස් වසම
හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක වන ප්‍රදේශ,
- මෝදර පොලිස් වසම
- බ්ලූමැන්ඩල් පොලිස් වසම
- කොටහේන පොලිස් වසම
- ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
- ආදුරුප්පු වීදිය පොලිස් වසම
- වේල්ල වීදිය පොලිස් වසම
- කෙසෙල්වත්ත පොලිස් වසම
- මාළිගාවත්ත පොලිස් වසම
- දෙමටගොඩ පොලිස් වසම
- මරදාන පොලිස් වසම
- කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
- බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම
හෙට (30) උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලබන ප්‍රදේශයන්
- මට්ටක්කුලිය පොලිස් වසමේ
- රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් (South of Ferguson Road) පාරේ දකුණු ප්‍රදේශය
- වැල්ලම්පිටිය පොලිස් වසමේ
- ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය
- සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම
- විජයපුර ග්‍රාම නිලධාරී වසම
2. ගම්පහ දිස්ත්‍රික්කය
හුදකලා බව හෙට (30) උදෑසන ඉවත් කරන ප්‍රදේශ,
- මීගමුව
- රාගම
හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක වන ප්‍රදේශ,
- වත්තල
- පෑලියගොඩ
- කැළණිය
දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශයන් නැවත දැනුම් දෙන තුරු තව දුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතින බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් දැනුම් දේ.
