Advertise with Giraya
NEWS

බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 19,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (28) පස්වරු 10.40 වන විට 22,988ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (28) දිනයේ දී තවත් ආසාදිතයින් 213 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ් අනුව, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 487 ක් වේ.

එම ආසාදිතයින් අතරින් ආසාදිතයින් 487 දෙනා ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 19,450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අද (28) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 430 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 16,656 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

Giraya News Alerts

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6225 ක් වේ. මෙරට පුද්ගලයින් 109 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top