සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 02 මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 109කි.
108 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 2020 නොවැම්බර් 26 වැනි දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සමඟ කොවිඩ් – 19 ආසාදනය නිසා උග්‍ර වූ නිධන්ගත වකුගඩු රෝගයකි.
109 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවකි. 2020 නොවැම්බර් 27 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ඇදුම රෝගය සමඟ ඇති වූ කොවිඩ් – 19 නියුමෝනියාවයි.
