Advertise with Giraya
NEWS

නිලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් නිරෝධායනයට රැගෙන ගිය තමන්ට දරු ගැබ අහිමි වූ බවට කාන්තාවකගෙන් චෝදනා

සැමියා කොවිඩ් ආසාදිතයකු වීම නිසා නිරෝධායනයට රැගෙන ගිය තමන්ට බලධාරීන්ගේ නොසැළකිල්ල හේතුවෙන් සිය දරුගැබ අහිමි වූ බවට කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කළාය.

පෙරපාසල් ගුරුවරියක ද වන 21ක් හැවිරිදි කවීෂා මධුෂානි පවසා සිටියේ නිරෝධායනයට යොමු කිරීම සඳහා පැමිණි නිලධාරීන් සිය ප්‍රශ්නවලට සවන් නොදුන් බවය.

ඇයගේ සැමියා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවය කරන අතර සැමියාට පසුගිය මස 24 වනදා කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගත කර තිබුණි.

Giraya News Alerts

කෙසේවෙතත් බලධාරීන් පැමිණ ඔහුගේ පවුලේ සියලුදෙනා නිරෝධායනයට යොමු කිරීම සඳහා කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ සිට දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබුණි.

නිරෝධායන මධ්‍යස්ථානයේදී කවීෂාට හා ඇයගේ පවුලේ සාමාජිකයින්ට PCR පරික්ෂණ සිදුකර තිබු අතර එහිදී ඔවුන්ට කොවිඩ් – 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත. ඒ අනුව ඔවුන්ව නැවත වරක් සිය නිවෙස වෙත රැගෙනවිත් තිබුණි.

නිවෙස් නිරෝධායනය අවසන් වීමෙන් පසු ඇයට රුධිර වහනයක් සිදුවීම නිසා කොළඹ කාසල් රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී ඇයගේ දරුගැබට හානි වී ඇති බවට වෛද්‍යවරුන් පවසා තිබේ.

-Ada Derana-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top