අටුළුගම ප්‍රදේශයේ බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී නිලධාරින් නොමඟ යැවිමට කටයුතු කරන බව , යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
බොරු ලිපිනයන් ලබා දීම්, නිලධාරින් නිවාසවලට ගියවිට මගහැරීම් ,පි.සි.ආර් පරික්ෂණ වලට සහභාගී නොවීම් වැනි දෑ සිදු කරමින් නිරෝධායන නීතිවලට පටහැනිව ජනතාව ක්‍රියා කරන බවද යුද හමුදාපතිවරයා පවසයි.
එසේ නොකර සියලු දෙනාගේ ආරක්ෂාව උදෙසා වගකීමෙන් සහය ලබාදෙන මෙන් තමන් කාරුණිකව ඉල්ලා සිටින බව ද නිවාසවලට පැමිණ හොරු අල්ලනවා සේ මෙම කාර්ය කළ නොහැකි බවද යුදහමුදාපතිවරයා පවසයි.
පසුගිය දින කිහිපයේදීම එම ජනතාව මෙම කාර්යයේදී දැක්වු සහය අවම බවත්,උණ රෝගයෙන් පෙලෙන සංඛ්‍යාවෙන් හරි අඩක්වත් මෙම පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවූ බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඉදිරියටත් මෙය මේ අයුරින් ජනතාව කටයුතු කළහොත් හුදකලා කිරිමේ කාර්ය සැලකිය යුතු කාලයක් කිරිමට සිදුවන බවද යුදහමුදාපතිවරයා පැවසුවා. එමෙන්ම ඉදිරියේදී වෙනත් ක්‍රමවේදයක් භාවිත කරමින් මෙම කටයුතු සිදුකිරිමට සැලසුම් කරඇති බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.
මෙම සිදුවීම ඉතාමත් අවාසනාවන්ත යැයිද පැවසු යුද හමුදාපතිවරයා සෞඛ්‍ය පිළිබඳ මෙවැනි ගැටලුවකදි සහයෝගය දක්වමින් ,වගකීමෙන් කටයුතු කර ජනතාව ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් විය යුතු යැයිද අවධාරණය කළා.
