මේ දක්වා ශ්‍රී ලංකාවෙන් සටහන්වී ඇති මුලු කොවිඞ් මරණ ගණන 107 ක් වේ.
ඔක්තෝබර් 04 වනදායින් පසු ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඞ් ආසාධිත මරණ 94 අතුරින් 40 ක් වයස අවුරුදු 71 ට වැඩි අය බව කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 42.55ක් වේ.
වයස අවුරුදු 61 ත් 70 ත් අතර පුද්ගලයන් 20 දෙනෙකු මෙම කාලසීමාවේදී මියගොස් ඇති අතර එහි ප්‍රතිශතය සියයට 21.27ක් වේ.
මිනුවන්ගොඩ පොකුරෙන් මේ දක්වා ආසාදිතයන් 3059 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 3025 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව කොවිඞ් ආසාදිතයන් 16,372 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 9768 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවයි කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
දැනට ශ්‍රී ලංකාවෙන් සටහන්වී ඇති මුළු කොරෝනා ආසාදිතයන් ගණන 22,501ක් වන අතර ඉන් 6168 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලබා ඇති මුලු ගණන 16 225 ක්.
