ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (27) පස්වරු 10.30 වන විට 22,501ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (27) දිනයේ දී තවත් ආසාදිතයින් 221 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ් අනුව, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 473 ක් වේ.
එම ආසාදිතයින් අතරින් ආසාදිතයින් 472 දෙනාගෙන් ආසාදිතයින් 553 දෙනෙකු ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 18,963 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනෙක් ආසාදිතයා විදේශයන්හි සිට පැමිණි නාවිකයෙකි.
එමෙන්ම, අද (27) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 410 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 16,226 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6168 ක් වේ. මෙරට පුද්ගලයින් 107 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ.
