Advertise with Giraya
NEWS

මෙරට සිදු වූ කොරෝනා මරණ ගණන 100 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ගණන මේ වන විට 107ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 8ක් සිදු වී ඇති බවට තහවුරු කිරීමත් සමඟයි.

එම මරණ පිළිබඳව විස්තර පහතින් දැක්වේ.

100 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 87ක කාන්තාවකි. 2020 නොවැම්බර් 23 වන දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ආඝාතය කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධයකි.

Giraya News Alerts

101 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 09 දෙමටගොඩ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි. මහරගම අපේක්ෂා රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ දී 2020 නොවැම්බර් 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ පිළිකා රෝගය සමඟ උග්‍ර කොවිඩ් – 19 නියුමෝනියාවයි.

102 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මරදාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී 2020 නොවැම්බර් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයකි

103 වැනි වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අයි.ඩී.එච්. රෝහලට මාරු කර ඇති අතර 2020 නොවැම්බර් 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත පෙනහලු රෝගයක් සමඟ කොවිඩ් 19 උග්‍ර වීමයි.

104 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී 2020 නොවැම්බර් 26 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධයකි.

105 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී 2020 නොවැම්බර් 26 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, නිධන්ගත වකුගඩු රෝගයක් සහ කොවිඩ් – 19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයකි.

106 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී 2020 නොවැම්ඩර් 25 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත පෙනහලු රෝගයෙන් සහ ඇදුම රෝගය සමඟ උග්‍ර වූ කොවිඩ් – 19 නියුමෝනියාවයි.

107 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ මැගසින් බන්ධනාගාරගතව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේ දී 2020 නොවැම්බර් 25 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ උග්‍ර වූ වකුගඩු ආසාදනයකි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top